Sunday, September 21, 2025
Follow Us
හෙද ඉල්ලීම් ඉටු නොවුණොත් ජුලි 07 වෙනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් - මුරුත්තෙට්ටුවේ හිමි

හෙද සංගම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකළහොත් ජුලි 07 වනදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

"ඒ ඉල්ලීම් පිළිබඳව තවදුරටත් මේගොල්ලෝ ක්‍රියාත්මක නොවුණොත් 07 වෙනිදා ඉඳන් අඛණ්ඩ වැඩවර්ජනයක් දිවයින පුරාම පවත්වන්නට කටයුතු කරගෙන යනවා"

"ඇමතිතුමිය කාරුණිකව ලෙඩ්ඩුන්ගෙ පැත්තත් බලලා අපේ පැත්තත් බලලා එතුමිය කිව්වා මේ මුදල් ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නෙ, අපි මේක කොහොමහරි ඉෂ්ඨ කරගන්න බලන්නම් කියලා. අගමැතිතුමාත් උදේ කතා කරලා කිව්වා - පවිත්‍රා නෝනාටත් කතා කරලා තිබුණා - අග්‍රාමාත්‍ය ලේකම්තුමාත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය දිග්ගස්සන්නෙ නැතුව විසඳන්න කටයුතු කරන්න උපදේශය ඊයෙත් ලැබුණා අදත් ලැබුණා. අපට ඇමතිතුමිය කිව්වා අද භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කරලා අපිව දැනුවත් කරන්නම් කියන එක. දැන් අපිත් බලාගෙන ඉන්නවා කොයි මොහොතේ අපිව දැනුවත් කරයිද කියන එක. දැනුවත් නොකළා නම් ඉතිං වෙන්නෙ මොකද්ද, 03 උදේ මේක අවසන් කරලා නැවත වරක් 07 වෙනිදා මේක ආරම්භ කිරීම තමා වෙන්නෙ. වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (02) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)