Friday, February 06, 2026
Follow Us
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට රැගෙන විත් තිබේ.

චීනයේ බෙයිජිං සිට එන්නත් මාත්‍රා තොගය අද (02) අලුයම 4.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

එම එන්නත් කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවාහනය කර තිබේ.

ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන සඳුදා දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේය.

(Aruna)