Friday, February 06, 2026
Follow Us
විදෙස් රටවලින් පැමිණි 78 දෙනෙකු ඇතුළුව තවත් කොවිඩ් රෝගීන් 1864ක්

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1864 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1786 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 78 දෙනෙකු වශයෙනි.

මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 259,089ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)