Friday, February 06, 2026
Follow Us
විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්තයේදී විනය කඩ කරමින් ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන්.

එම ක්‍රීඩකයින් තිදෙනා අද අද දිනයේම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.


(Neth)