Friday, February 06, 2026
Follow Us
මිහින්තලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙසියයකට පමණ කොරෝනා

මිහින්තලේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙසියයකට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර් එම් එස් බී රත්නායක සදහන් කළේ ඔවුන් ප්‍රතිකාර සදහා නොච්චියාගම, වහමල්ගොල්ලෑව, ගලෙන්බිදුණුවැව යන රෝහල්වලට යොමු කර ඇති බවයි.

මේ අතර වැල්ලවාය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවකද සේවකයින් 24 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර ඇඟළුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

(Neth)