Saturday, September 20, 2025
Follow Us
එංගලන්තයේ මහ පාරේ රැඳී සිටි කුසල් සහ දික්වැල්ල යළි දිවයිනට

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා නෙත් සපෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කර සිටියා.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ශ්‍රී ලංකාවට යළි කැඳවීමට තීරණය කර ඇති බවත් කණ්ඩායමේ කළමනාකරු ගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසුවේ.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්තයේ, Durham හී රාත්‍රී කාලයේ විදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතන සභාපතිවරයා කියා සිටියේ.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස පසුගියදා පරාජයට පත්විය.

(Neth)