Friday, February 06, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුව නැහැ - පරිසරවේදීන් කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරට සමුද්‍ර පද්ධතියට සිදුවූ හානිය ගණනය කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුව තවමත් නොමැති බව පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පිටතට නොපෙනෙන තරම් දරුණු හානියක් මුහුද අභ්‍යන්තරයේ සිදුවී තිබිය හැකි බවයි.

නෞකාවෙන් සිදුවූ පරිසර හානියේ බලපෑම දීර්ඝ කාලයක් තිබිය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකගතාව පළ කර තිබෙනවා.

(Neth)