Sunday, May 05, 2024
Follow Us
මෙරට හෙරොයින් සහ ගංජා භාවිත කරන්නන් ලක්ෂ 4කට ආසන්නයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට (26) යෙදී ඇති අතර “නිවැරදි තොරතුරු හුවමාරු කරගන්න – ජීවිතය සුරකින්න” යන්න මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ තේමාව වේ.

ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙරට හෙරොයින් සහ ගංජා භාවිත කරන පුද්ගලයින් ලක්ෂ හතරහමාරකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. 

එම මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඔවුන් සඳහන් කරයි.

(Aruna)