Monday, May 06, 2024
Follow Us
එන්නත්කරණය රෝහල් හරහා කිරීමට යෝජනා කෙරේ

මෙරට එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කර තිබේ .

ඊයේ (25) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී මේ කරුණු පවසා ඇත.

දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව එහිදී පෙන්වා දී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී පැවසුවේ කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රසාදය පළ වී ඇති බවය.

මේ අතර ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනොෆාම්, සිනොවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව තිබේ.

(Aruna)