Sunday, May 05, 2024
Follow Us
ඩෙල්ටා පැතිරීම සියයට 70කින් වැඩිවෙලා

මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි.

පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය මෙම අදහස් පලකළේ අද (25) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් දිවයිනට යළි සංචරණ පැනවීමේ තත්ත්වයක් ඇති වනු ඇතැයි විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)