Thursday, February 05, 2026
Follow Us
කොළඹ සිට යාත්‍රා කරමින් සිටි නෞකාවක ගින්නක්

කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ නෞකාවක කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී ගින්නක් හටගෙන තිබේ.

අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ඒ බැවින් අදාළ නෞකාව අසලින් ගමන්ගන්නා නෞකාවලට මේ පිළිබඳව දැනුම් දී ගින්න නිවීම සඳහා සහයෝගය ඉල්ලා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

ඊයේ (24) රාත්‍රියේ එම්.එස්.සී. මෙසීනා නමැති නෞකාව මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නෞකාව ලයිබීරියා ධජය සහිතව භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුන කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එකකි.

(Aruna)