Monday, May 06, 2024
Follow Us
ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් කොරෝනා ආසාදිතව මරුට

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොරෝනා ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සහකාර අධ්‍යක්ෂකවරයා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම වෙනුවෙන් ක්ෂේත්‍ර රාජකාරීවල නිරතවී සිට තබෙන බවත් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකු බවත් ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ අනුව වෛරසය ආසාදනය වී ඇත්තේ එම රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටි අවස්ථාවේදී බවද එම අමාත්‍යාංශය පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) ඒ මහතා මියගොස් තිබේ.

(Aruna)