Monday, May 06, 2024
Follow Us
සත්වෝද්‍යානයේ සතුන් අවදානමේ

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා රෝග පාලනයේදී පාලනාධිකාරිය පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ පිළිනොගන්නා බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඉන් සතුන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි.

සත්ත්ව සාම්පල පරික්ෂාව සඳහා මෙරට පවතින සුදුසුම ආයතනය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වන අතර සත්වෝද්‍යාන පාලනාධිකාරිය, එම ආයතනයට සත්ත්ව සාම්පල යොමු නොකර විදේශීය සහාය ලබාගන්නා බවට රජයේ පශු වෛද්‍යවරුන් චෝදනා කරයි.

කිසියම් අන්දමකින් මෙම රෝගය සත්ව උද්‍යානය පුරා පැතිර ගියහොත් එමගින් වවිනා සතුන්ගේ ජීවිත රැසක් අවදානමට ලක්වන බව ඔවුන් සඳහන් කරයි.

ඒ හේතුවෙන් වෛද්‍ය නිර්දේශ ලබා ගනිමින් වහාම එම තත්ත්වය වැළැක්වීමට පියවර ගන්නැයි, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

(Aruna)