Thursday, February 05, 2026
Follow Us
ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 40දෙනෙකු වාර්තාවෙයි

වැලිමඩ බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ ආසාදිතයින් 40දෙනෙකු වාර්තා වී තිබේ.

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30දෙනෙකු සහ අහඹු පී.සී.ආර්. පරීක්ෂන වලින් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බවයි.

එම ආසාදිතයින් සියලුදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරවීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වයත් සමග බොරගස් හා රේන්දපොළ ප්‍රදේශවල සියලු වෙළෙඳසැල් වසා දමා ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණ කටයුතු ද සීමා කර ඇත.

(Aruna)