Thursday, February 05, 2026
Follow Us
පළාත් 04 කට වැසි තත්වයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු යන පළාත්වලට ඉදිරි පැය 24 දී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට තද වැසිද අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද තද වැසි අපේක්ෂිතයි.

වයඹ පළාතටද වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා.

ඌව සහ නැගෙනහිර යන පළාත්වලට රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

(Neth)