Thursday, February 05, 2026
Follow Us
තවත් එන්නත් තොගයක් ලබන මස මුලදී මෙරටට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ලබන මාසය තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අතරින් එන්නත් මාත්‍රා 26,000 ක් ජූලි මස 05 වනදා මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එන්නත් මාත්‍රා 26,000 බැගින් ජූලි 12 සහ ජූලි 19 යන දිනවලද එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

(Neth)