Thursday, February 05, 2026
Follow Us
තවත් පුද්ගලයින් 15,278 දෙනකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව

මෙරට තවත් පුද්ගලයින් 15,278 දෙනකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 70,870 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. පුද්ගලයින් 5,131 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ දිනය තුළ ලබා දී තිබෙනවා.

ඊයේ දිනයේදී ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 22 දෙදෙනෙකුට ලබා දී ඇති අතර පුද්ගලයින් 385 දෙදෙනකෙුට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

ඒ අනුව කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පලමු මාත්‍රාව ලබා fුගන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 24 ලක්ෂ 87,297ක් වනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 08 ලක්ෂ 44,868ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)