Thursday, February 05, 2026
Follow Us
පර්ල් නැවෙන් ප්ලාස්ටික් බෝල ටොන් 890ක් සාගරයට

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට සාගර පදධතියට එකතු වූ කුඩා ප්ලාස්ටික් බෝල (Plastic palat) ප්‍රමාණය මේ වන විට මෙට්‍රික් ටොන් 890ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ පැවසුවේය.

මේ වන විට බහාලුම් 42ක ප්ලාස්ටික් බෝල එකතු කර ඇත.

මෙම කුඩා ප්ලාස්ටික් බෝල ඉදිරි අධිකරණ කටයුතු සඳහා ලබා ගැනීමට ඒවා පමුණුව ප්‍රදේශයේ විවෘත ශාලාවක ආරක්ෂිතව ගබඩා කර ඇතැයිද සභාපතිවරයා කීවේය.
එම ගොඩනැගිල්ලේ ප්ලාස්ටික් අහුරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත බවද සභාපතිවරයා කියා සිටී.

(Aruna)