Thursday, February 05, 2026
Follow Us
කුකුළු මස් මිල වැඩි වෙන ලකුණු

නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරයි.

බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 55 සිට රුපියල් 90 දක්වා ඉහළ නැග තිබේ.

කුළුමස් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 70ක සත්ව ආහාර වෙනුවෙන් වැය කරන බව ද කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරයි.

බඩඉරිඟු ආනයනය තහනම් කිරීම තිරිඟු ඇට ආනයනය මහා පරිමාණ ආනයනකරුවන්ට පමණක් ලබාදීම වැනි ගැටළු හේතුවෙන් සත්ව ආහාර මිල ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි

(Aruna)