Thursday, February 05, 2026
Follow Us
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නියමයකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා උසස් කර තිබෙනවා.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා විශ්‍රාම ගැනීමත් සමගයි.

මේ අතර තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ඊයේ උසස්කර තිබෙනවා.

මෙසේ උසස්වීම් හිමිව ඇත්තේ රන්මල් කොඩිතුවක්කු,කිත්සිරි ජයලත් සහ රජිත ශ්‍රී දමින්ද යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටයි.

(NEth)