මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සිදුකළහොත් දැනට දෙනිකව මියයන සංඛ්‍යාව 90%කින් පමණ අඩුකරගත හැකිවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.
"අපි 60ට වැඩි අයට එන්නත්කරණය කරොත් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90කින් අඩු ක ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් 40- 50ත් ප්‍රමාණයක් මියයනවා. මේ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවට සති 4ක් විතර ඇතුළත යනවා. ඒ කියන ආකාරයට එන්නත් කරොත්. ඒ ගැන පැහැදිලි කිරීමක් කළා.
ආර්ථික වැදගත් කොටස්වලට ලබා දෙනකොට අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම එන්නත් ලබාදීම කළ යුතුයි. ඊට පස්සේ පාසල් දැනට වහලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ගුරුවරු ලංකාවේ තුන්ලක්ෂ ගානක් ඉන්නේ ඔවුන්ට එන්නත ලබාදීම සඳහා ලබන මාසේ වන එනම් ජූලි මාසය වන විට කටයුතු කරන්න කියලා. ඒ තුළින් පාසල් විවෘත කරගැනීමේ අවස්ථාවක් තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)