Thursday, February 05, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 2073ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 62ක් ඊයේ(11) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2073ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)