Thursday, February 05, 2026
Follow Us
ණය සහනය නොලැබුණොත් දැනුම්දෙන්න දුරකථන අංකයක්

කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011-2477966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි.

(Aruna)