Thursday, February 05, 2026
Follow Us
කුඩා දරුවකුට “බීර” පානයට දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 4ක දරුවකුට පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී “බීර” පානයට සැලැස්වූ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා “බීර” පානයට යොමුකරවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව 25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරයි.

(Aruna)