Thursday, February 05, 2026
Follow Us
දිවයිනේ නිරිත දිග කොටසට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)