Friday, September 19, 2025
Follow Us
හෙට සහ අනිද්දා යළිත් වැසි - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

හෙට සහ අනිද්දා දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි ඇතිවන අතර මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසිද බලාපොරොත්තු වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ තද වැසි‍ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වූ අතර මරණ 17 ක් වාර්තා විය.

(LNW)