Friday, September 19, 2025
Follow Us
තවත් කොවිඩ් මරණ 46ක්

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ.

එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)