නිරිතදිග මෝසමේ බලපෑම මහ අධික වැසි ඇද හැළීම නිසා කළු ගඟ, අත්තනගලුඔය සහ කැලණි ගඟ ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පෙරේදා (02 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (03 වැනිදා) පෙරවරුව දක්වා කාලයේදී කළු ගඟ අත්තනගලු ඔය සහ ඌරවල්ඔය ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා) එස්.ජී.සී. සුගීෂ්වර කීවේය.
අධික වැසි තත්ත්වය සමග කළු ගඟේ පහල ද්‍රෝණී ප්‍රදේශයට අයත් ඉංගිරිය, හොරණ, කළුතර, මිල්ලනිය, පාලින්දනුවර, බුලත්සිංහල, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාවද, අත්තනගලු ඔය ආශ්‍රිත අත්තනගල්ල, ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවද, ඉතා අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එමෙන්ම කැලණි ගඟේ ජල ගලනය ඉහළ ගොස් තිබෙන බැවින් පහත් බිම් ප්‍රදේශවල ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමු, ඌව යන පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද 10 වැනිදා දිනයේදී ද මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ නිරිතදිග කොටසේ තවදුරටත් වැසි පවතින බැවින් ත්‍රිවිද හමුදාව සහන කණ්ඩායම් පැය 24 පුරා සූදානම් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
හදිසි ආපදාවන් ඇතිවුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක ‘‘117’’ හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්තික්ක හයකට (06) නාය යෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්තික්කයේ අයගම, කුරුවිට, ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑම් අවදානම් නිවේදනය වලංගුය.
(Aruna)