රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සැමරීම සම්බන්ධව හෝටලයේ කළමනාකරුවන් දෙදෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇත.
හෝටලයේ ප්‍රධාන කළමනාකරු හා සිද්ධිය වූ දිනයේ හෝටලයේ රාජකාරි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.හෝටලයේ ඉදිරිපස ලොබියේ ඇති සී.සී.ටී.වී. දර්ශනවලින් සාදයට පැමිණි හය දෙනකු හඳුනාගෙන තිබේ. ඉතිරි පිරිස පසුපස දොරටුවෙන් පැමිණ අතැයි ද සී.සී.ටී.වී දර්ශනවලින් තහවුරු වී තිබේ.
සාදයට විසිදෙනකු පමණ එක්වී ඇති අතර එහිදී උපන්දින කේක් ගෙඩියක් කපා ඇත. එමෙන්ම පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පෙරේදා (2 වැනිදා) රැගෙන ගිය මෙම සාදයට එක්වූ චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි ඇතුළු පහළොස්දෙනා දින දාහතරක් නිරෝධායනයට යොමුකර තිබේ.
(Aruna)