අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන වාහන හඳුනා ගැනීම වෙනුවෙන් පොලීසිය ඊයේ ඇලවූ ස්ටිකරය අද වලංගු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ පවසනවා.
ඔහු කියා සිටියේ මෙම ස්ටිකර් ක්‍රමය අද දිනයේ ද ක්‍රියාත්මක බවයි.
සංචරණ සීමා නොතකා ධාවනය කළ රථවාහන 25 ක් ද ඊයේ දිනයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉන් රථවාහන 16 ක්ම පොලිස් භාරයට ගෙන ඇත්තේ කොළඹ නගරයේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මේ අතර ඊයේ දිනයේ ද නිරෝධායන රීති කඩකළ 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොළඹ නගරයට ඇතුළුවන ස්ථානවල අද උදෑසන කාලයේද දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි.
(Neth)