Thursday, February 05, 2026
Follow Us
ගිනිගත් නැව පවතින තැනම ගිලෙනු ඇතැයි බලධාරීන් කියයි

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසනවා.

නාවික හමුදාව පැවසුවේ මේවනවිට ගිනිගත් නෞකාවේ පසුපස කොටස සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලී ඇති බවයි. නෞකාව මේවනවිට ඇති ස්ථානයේ මුහුදේ ගැඹුර මීටර් 22 ක්.

කෙසේවෙතත්, නෞකාව තුළ ඇති මෙට්ට්‍රික් ටොන් 322 ක ඉන්ධන තොගය සම්බන්ධයෙන් මේවනවිටත් පැහැදිළි වාර්තාවක් නිකුත් වි නැහැ. නෞකාව වටා ඉන්දන පැල්ලමක් සේ සලකුණු ඇතත්, ඉන්දන කාන්දුවක් වී ඇත්දැයි මේවනතෙක් බලධාරීන් තහවුරු කර නැහැ. ඉන්දන කාන්දුවක් වුවහොත් ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා මේවනවිටත් සියලු කටයුතු සූදානම් බවයි බලධාරීන් පැවසුවේ.

(Neth)