අද (3) වැනිදා සහ හෙට (4 වැනිදා) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. එමෙන්ම සතොස වෙළෙඳසල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර අද (3 වැනිදා) සිට දිනපතාම වෙළෙඳසල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ස්වයං රැකියාවක් ලෙස ආහාර සකස් කරන අයට ත්‍රිරෝද රථවලින් ගොස් ආහාර අලෙවි කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.
මේ අතර ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කිරීමෙන් පසු සිදුකළ යුතු ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (2 වැනිදා) නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. ඉන්පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.
‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡාවක් පවත්වමින් රට වසා දමා ඇති අවස්ථාවක එළවළු වැඩි මිලට අලෙවි කිරීමේ කටයුතු සිදුනොකරන ලෙසට දැනුවත් කළේය.
(Aruna)