Saturday, July 12, 2025
Follow Us
සංචරණ සීමා නිසා කිරි නිෂ්පාදනය අර්බුදයක

පවතින සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපා සිටින බව ප්‍රදේශ කිහිපයක කිරි ගොවීන් පවසනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සිය කිරි නිෂ්පාදනයන් පවත්වාගෙන යාමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසයි.

මේ අතර පවතින ගැටලු ගණනාවක් හේතුවෙන් කිරි ගොවීන් එම කර්මාන්තයෙන් ඉවත්ව යමින් සිටින බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

කෙසේවෙතත්, ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කළේ සංචරණ සීමා ක්‍රියාත්මක වුවද, සත්ත්ව පාලනය ඇතුළු නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බවයි.

(Neth)