Saturday, July 12, 2025
Follow Us
මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ

පනවා ඇති සංචරණ සීමා ඉවත් නොවුණොත් එහි සම්පූර්ණ වගකීම සංයමයකින් තොරව හැසිරෙන ජනතාව භාරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

මේ පිළිබඳ මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේ ද පැවසීය.

රජය දිවයින පුරා සංචරණ සීමා පනවා ඇත්තේ කිසියම් හේතුවකටයි. ඒ බව මහජනතාව අවබෝධ කරගත යුතුයි. නමුත් මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.’’

‘‘දිනපතා වාර්තාවන කොවිඩ් ආසාදිතන්ගේ සහ මිය යන ප්‍රමාණය අනුව රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නොමැති බවත් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය අනුව සංචරණ සීමා ඉවත් කිරීමට ඇති දිනය තවත් දින කීපයකින් කල් යාමට පවා ඉඩ තිබෙනවා.’’

(Aruna)