ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව අයත් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (02 වැනිදා) පැවැසූහ.
මේ සඳහා තමන්වහන්සේ නායකත්වය ලබාදෙන බවද ඊට එක්වන ලෙස සියලු ධීවර සංවිධාන වලින් ඉල්ලා සිටින බවද උන්වහන්හේ පැවැසූහ.
කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ නැවෙන් දුමාරයක් එන්න පටන් ගත් මොහොතේදී හෝ එය ගැඹුරු මුහුදට ගෙන යාමට හෝ නැව ප්‍රතික්‍ෂේප කිරීමට රජය ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණු බවය.
සියල්ල විනාශවූ පසුව සුදුලූනු පොඩි කරන්න සූදානම් වන බවද නැව ගිලාබැස්සුවොත් විශාල විනාශයක් සිදුවී ධීවර ජනතාවට දැඩි හානියක් සිදු වන බවද කී කාදිනල් හිමියෝ ඊට ඉඩ දීමට තමන් කිසිදු සූදානමක් නැතැයි ද කීහ.
(Aruna)