Saturday, July 12, 2025
Follow Us
පළමු වසරට ඇතුළත් කරන සිසුන් ගණන ඉහලට

ලබන 2022 පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ අනුව එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් විය යුතු බවට ලබාදුන් අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් එක් පන්තියක් සඳහා ළමුන් 40ක් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් අමාත්යංශය සඳහන් කරන්නේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම තීරණය ගත් බවය.

එසේම අදාළ නීතිමය ආයතන දැනුවත් කර ඊට අවශ්‍ය නෛතික අවසරය ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාගෙන තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කරයි

කෙසේ නමුත් 2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් පසුගිය දා කැඳවනු ලැබීය.

(Aruna)