සංචරණ සීමා පැනවීම තුළින් ලැබී ඇති ප්‍රතිඵල දැක ගැනීම සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ජනතාව සංචරණ සීමාවලට අනුව කටයුතු කළහොත් ඉදිරි කාල සීමාව තුළ කොවිඩ් ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙනු ඇති බවයි.
ඉදිරි දිනවලදී රෝගීන් වාර්තා වන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබද තීරණයක් ගත යුතු බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩි දුරටත් පෙන්වා දුන්නා.
(NEth)