Saturday, July 12, 2025
Follow Us
මෙරට කොවිඩ් ආසාදිත මරණ 1,500 සීමාව පසු කරයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 1,500 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී කොවිඩ් මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

කෙසේ වෙතත් එම මරණ 43 න් ඊයේ දිනයේදී වාර්තා වී ඇත්තේ එක් මරණයක් පමණයි. සෙසු මරණ 42 ක මැයි මස 20 වනදා සිට 31 වනදා අතර දිනයන්හිදී වාර්තා වී තිබෙනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සදහන් කළේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,527 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,845 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ, අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 89,241 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් සුවය ලබා ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ 53,371 ක්.

ආසාදිතයින් 34,386 දෙනෙකු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

(Neth)