Friday, February 06, 2026
Follow Us
රොටි පිටි මිල ඉහළ දමයි

රොටි සෑදීම සඳහා නිෂ්පාදනය කරනු ලබන පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (01 වැනිදා) සිට රුපියල් හතරකින් ඉහළ නංවා ඇති බව ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ ඒජන්තවරු කියා සිටිති.

මෙම රොටි පිටිවලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි, අල රොටි, බිත්තර රොටි, පිට්ටු, ඉඳි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍ය පිළියෙල කරනු ලබයි.

රොටි පිටි කිලෝ පනහක මිටියක් මීට ප්‍රථම රුපියල් දෙදහස් එකසිය පනහකට අලෙවි කෙරිණි.

නව මිල අනුව රොටි පිටි කිලෝ පනහක් සහිත මිටියක් රුපියල් දෙදහස් තුන්සිය පනහකට අලෙවි කිරීමට සිදුවන බව ප්‍රීමා තිරිඟු පිටි අලෙවි නියෝජිතයන් පැවසීය.

(Aruna)