Friday, February 06, 2026
Follow Us
සබරගමුව පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

සබරගමුව පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, රට තුළ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව සබරගමුව පළාත් ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලු කාර්යාලය අද සිට ලබන 30 වනදා දක්වා වසා තබන බවයි සබරගමුව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එමෙන්ම අදාල කාලසීමාව ඇතුලුව ජූලි මස 31 වනදා දක්වා දඩ මුදලකින් තොරව ඉදිරියේදී ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට ද සබරගමුව පළාත් සභාව තීරණය කර තිබෙනවා.

(Neth)