Saturday, July 12, 2025
Follow Us
බේකරි හිමියන්ගෙන් 70% ක් පීඩාවට පත්වෙලා

බේකරි නිෂ්පාදකයින්ගෙන් සියයට තිහක් පමණ වන සුළු පිරිසකට තම නිෂ්පාදන ජංගම රථ මගින් අලෙවි කිරීමට අවස්ථාවක් ලැබුණද බහුතරයකට තම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට නොහැකිව අසරණව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන ‘අරුණට’ පැවසුවේ මෙරට බේකරි 7000 ක් තිබෙන බවත් ඒ අතරින් බේකරි නිෂ්පාදන අලෙවි කරන ජංගම රථ [ චූන් පාන්] ඇත්තේ 2000කට වඩා අඩු ප්‍රමාණයක් බැවින් මේ දිනවල බේකරි නිෂ්පාදන කර්මාන්තයේ නිරතවී සිටි සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා වසංගත තත්ත්වය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවය.

ලක්ෂ 10කට ආසන්න පිරිසක් මෙම බේකරි නිෂ්පාදන කර්මාන්තයෙන් යැපෙන බවත් වසංගත අවදානම යම් තරමකට හෝ පහව යන්නේ නම් මෙම පිරිසට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු පවසා සිටියේය.

එන්. කේ ජයවර්ධන කියා සිටියේ බොහෝ දෙනා පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද බේකරි නිෂ්පාදකයින්ට නම් මෙම ජංගම රථ නිසා වාසි සැලසී ඇති බව වුවත් එය වැරදි ආකල්පයක් බවත් බහුතරයක්ම බේකරි කර්මාන්තකරුවන්ට තම රැකියා පවා මේ වනවිට අහිමිවී ඇති බවය.

(Aruna)