Saturday, July 12, 2025
Follow Us
කොවිඩ් වෛරසයේ ඇතැම් රෝග ලක්ෂණ ඩෙංගු රෝගයට සමානයි

කොවිඩ් වෛරසයේ ඇතැම් රෝග ලක්ෂණ ඩෙංගු උණ රෝගයට සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පැවසුවේ ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් හි උණ සහ ඇඟපත වේදනාව දැකගත හැකි බවයි.

මේ හේතුවෙන් යම් අයෙකුට රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගෙන්නා ලෙස වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම යම් රෝග තත්ත්වයක් ඇති පුද්ගලයෙක් වෙනත් කිසියම් හෝ රෝග තත්ත්වයක් ඇති වුවහොත් සංකූලතාවලට යෑමේ හෝ බරපතල තත්ත්වයක් ඇතිවීමේ හැකියාව වැඩි බව වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)