Saturday, July 12, 2025
Follow Us
ලුණු නිෂ්පාදනයට කිසිම බාධාවක් නැහැ

නැව ගිනිගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීම මෙරට ලුණු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුණු හිඟයක් කිසිවිටක ඇති නොවන බවටත් සහතකියක් ලබාදිය හැකි බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ කියයි.

රටේ ලුණු නිෂ්පාදනයට මෙය බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමග පාරිභෝගික වෙළෙඳසල් කරා පැමිණ ලුණු පැකට් වැඩි වශයෙන් මිලදීගෙන ගබඩා කිරීමට පටන්ගෙන ඇත. අනවශ්‍ය ලෙස ලුණු එක් රැස් කිරීම සිදුවීමෙන් ලුණු මිල පවා ඉහළ යෑම සිදුවන බවද පවසති.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුණු නිෂ්පාදනයට එය බාධා නොවන බවයි. සෝඩියම් ක්ලෝරයිට් පමණයි අවශ්‍ය වන්නේ. අනිකුත් සියලුම රසායනික සංගටක වාෂ්පීකරණයෙන් ඉවත් කරනවා. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික ද්‍රව්‍ය රැසක් තිබෙනවා. මෙම නැව මගින් පමණක් නොව වෙනත් මාර්ගවලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරණය කිරීමට වාෂ්පීකරණයෙන් හැකියාව තිබෙනවා යැයිද සභාපතිවරයා පැවසීය.

(Aruna)