Friday, February 06, 2026
Follow Us
සුව සේවකයන්ට රාජකාරි සඳහා යෑමට හැඳුනුම්පත ප්‍රමාණවත්

සෞඛ්‍ය සේවයේ නිරත​ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට රාජකාරි හැඳුනුම්පත පමණක් භාවිත කරමින් සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුළ රාජකාරියට වාර්තා කළ හැකි බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමේදී රාජකාරි හැඳුනුම්පත හා ආයතනය මගින් නිකුත් කළ ලිපියක් අවශ්‍ය බව මීට පෙර දැනුම් දී තිබිණි. එහෙත් සෞඛ්‍ය කාර්යල මණ්ඩල සඳහා එවැනි ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.

එම ඉල්ලීම සැලකිල්ලට ගෙන රාජකාරි කිරීමට සෞඛ්‍ය සේවකයන්ට අවසර ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.

(Aruna)