ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 7 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සමස්ථ ලංකා හෙද සංගමය සදහන් කළේ.
කෙසේවෙතත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදක්වන බවයි. සෞඛ්‍ය සේවයේ නොවිසදුනු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ලබන සතියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි එම සංගමය සදහන් කළේ.
සමස්ථ ලංකා හෙද සංගමය විසින් අද ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සංගමය ද සහය නොදක්වන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.
(Neth)