Saturday, July 12, 2025
Follow Us
ජංගම වෙළද රථ අද සිට නිවසට - පැමිණිලි දැනුම් දෙන්නත් ක්‍ෂණික දුරකතන අංකයක්

ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා තෝරා ගෙන ඇත්තේ ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන්. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් ඒ පිලිබදව ජනතාවට දැනුම් දිය හැකි ක්ෂනික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා. 1965 අංකය අමතා ඒ පිළිබද දැනුම් දිය හැකියි.

එම සේවාව අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම වෙළද රථ සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි ගමන් කරන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ගොස් බෙදා හැරීම සදහා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ජංගම වෙළදුන් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න නෙත් නිවුස් වෙත සදහන් කළේ.

ඉකුත් දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ පරිභෝජනය සදහා ප්‍රමාණවත් එලවළු තොග නොලැබෙන බවට ද චෝදනා එල්ල වුණා.

ඊටද විසදුම් ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ.

මේ අතර ආර්ථිික මධ්‍යස්ථාන අද දිනයේද විවෘතව පවතිනවා.

(Neth)