Saturday, July 12, 2025
Follow Us
හෙද හෙදියන් හෙට සහ අනිද්දා අසනීපයි

කොරෝනා ප්‍රතිකාරවල නියුතු හෙද හෙදියන් මුහුණදී තිබෙන ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා හෙට (31) දිනයේ උදෑසන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර ඇත.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් නොලැබීම නිසා එම තීරණයට පැමිණි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා සඳහන් කරයි.

මේ අනුව හෙට (31) උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.

(Aruna)