Friday, February 06, 2026
Follow Us
නිරෝධායන රීති කඩකළ 900කට අධික පිරිසක් හසුවෙයි

පුද්ගලයින් 900කට අධික පිරිසක් නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ පුද්ගලයින් 914ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මාතලේ සහ නිකවැරටිය යන ප්‍රදේශවලින් නිරෝධායන රීති උල්ලංගනය කළ පුද්ගලයින් වැඩි පිරිසක් හසුවී ඇත.

 

(Aruna)