Friday, February 06, 2026
Follow Us
ජංගම වෙළෙඳ රථ නාවොත් කියන්න දුරකථන අංකයක්

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළෙඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 1965 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම රථවලට සියලුම අතුරු මාර්ග ආවරණය වන ලෙසට ගමන් කරලීමට කටයුතු කරන ලෙසට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්දීම් සිදුකර තිබේ.

(Aruna)