Saturday, July 12, 2025
Follow Us
රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ හෙට සිට ඇරඹෙයි

කොවිඩ්-19 වෛරස මර්දනය කිරීම සදහා වන එන්නත්කරණ වැඩසටහන රත්නපුර හා යාපනය දිස්ත්‍රික්ක වලද ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (30) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි.

බස්නාහිර පළාතේ එන්නත්කරණය ද සාර්ථකව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

(Aruna)